පවතින දැඩි නියඟය හේතුවෙන් විල්පත්තු ජාතික උද්‍යානය සම්පූර්ණයෙන්ම වියළී ගොස් ඇති අතර, එහි සියලුම ජල මූලාශ්‍ර සිඳී ගොස් ඇති බව වාර්තා වේ.
උද්‍යානයේ නැගෙනහිර කලාපයේ පිහිටි මරදන්කඩුව, පර්සිබෙන්දිවැව සහ කුකුල්කටුව වැව් ඇතුළු ප්‍රධාන ජල මූලාශ්‍ර සම්පූර්ණයෙන්ම සිඳී ගොස් ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි. වන සතුන්ගේ පිපාසය සංසිඳුවීම සඳහා බවුසර් මඟින් ජලය ගෙනැවිත් කොන්ක්‍රීට් තටාක පිරවීමට වනජීවී දෙපාර්තමේන්තුව මේ වන විට පියවර ගෙන තිබේ. කෙසේ වෙතත්, උද්‍යානයේ අනෙකුත් කලාපවල පිහිටි ජලාශ කිහිපයක ජල ධාරිතාව තවදුරටත් සතුටුදායක මට්ටමක පවතින බව උද්‍යාන භාරකරු ආර්.ඩී.ඩී.ඩී. සමරනායක මහතා සඳහන් කර ඇත.













