රජයට අනුබද්ධිත නවතම මෙට්‍රෝ බස් රථ සමාගම වන ‘ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් (පුද්ගලික) සමාගම’ (Lanka Metro Transit – Pvt Ltd) සඳහා බස් රථ ක්‍රියාකරුවන් (රියදුරු) බඳවා ගැනීම වෙනුවෙන් මේ දිනවල අයදුම්පත් කැඳවනු ලැබේ. අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය සමත් වීම සහ බර වාහන රියදුරු බලපත්‍රයක් තිබීම මඟින් අදාළ සුදුසුකම් සපුරා ගත හැකි අතර, තෝරාගනු ලබන අපේක්ෂකයින් සඳහා රුපියල් 115,000කට වැඩි ඉහළ මාසික වැටුපක් හිමිවේ.














