රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ ‘Jaffna Kings’ කණ්ඩායමේ සම හිමිකරු වන මංජොට් කල්රා සහ එම සිද්ධියට ආධාර අනුබල ලබා දුන් බව කියන යුවරාජ් පුෂ්පා යන ඉන්දීය ජාතිකයින් දෙදෙනා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (31) නියෝග කර තිබේ.
සැකකරුවන් අසනීප තත්ත්වයෙන් පසුවන බවට ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දී ඇති අතර, සෑම සතියකම සඳුදා දිනවල ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ ශ්‍රී ලංකා පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ පෙනී සිටින ලෙසද ඔවුන්ට නියෝග කර ඇත.














