කාසල්රී ජලාශයට හැටන් සිට ජලය ගලා බසිනා දික්ඔය පිටාර ගැලීමෙන් ඇළ දෙපස නිවාස රැසක් අද (03) දින ජලයෙන් යට වී තිබේ.
2013 වසරේදීද දික්ඔය පිටාර ගැලීමෙන් මෙවැනිම ව්‍යසනයක් සිදුවූ බව පවසන ප්‍රදේශවාසීන්, යළිත් වරක් දික්ඔය ඇළ පිටාර ගැලීම නිසා තම නිවාස ජලයෙන් යට වූ බවට මැසිවිලි නගති.
මේ අතර, පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ මහවැලි ගඟ පිටාර ගැලීම නිසා නාවලපිටිය ප්‍රදේශයේ සංචාරක හෝටලයක්ද ජලයෙන් යට වී ඇති බව වාර්තා වේ.














