මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති විෂය පථයන්ට අදාළ රාජ්‍ය ආයතන සම්බන්ධව මහජන පැමිණිලි ලබාදීමේ ‘118 මහජන ආරක්ෂක සේවා මැදිරිය’ මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාගේ ප්‍රධානත්වයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී විවෘත කෙරිණි.
මෙහිදී 118 ගාස්තු විරහිත ඇමතුම් අංකය සහ 118.pubsec.gov.lk වෙබ් අඩවිය හරහා මාර්ගගතව (Online) මහජන පැමිණිලි ඉදිරිපත් කිරීමේ පහසුකම් සලසා දී ඇත.
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ විෂය පථයට අයත් වන ආගමන විගමන දෙපාර්තමේන්තුව, අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාලය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යන ආයතනවලට අදාළ තොරතුරු සහ මහජන පැමිණිලි මෙම 118 අංකය හරහා ඉදිරිපත් කළ හැකිය.














