දශකයකට ආසන්න කාලයක් පුරා සම්පූර්ණ සංගීත ඇල්බමයක් නිකුත් නොකළ ලෝකප්‍රකට පොප් ගායිකා රිහානා නව සංගීත ව්‍යාපෘතියක් සඳහා සූදානම් වන බවට ඇගේ සහකරු මෙන්ම රැප් ගායකයෙකු වන A$AP Rocky ඉඟි කර තිබේ.
බදාදා ‘The Jason Lee Podcast’ වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. නව ඇල්බමයක් සම්බන්ධයෙන් වැඩසටහනේදී විමසූ අවස්ථාවේදී, “ඇය දැන් චිත්‍රාගාරයේ” (She’s cooking) යනුවෙන් පවසමින් ඔහු මෙම දැවැන්ත රහස අහම්බෙන් මෙන් හෙළි කර ඇත.














