තම රට වෙත යළිත් අමෙරිකානු ප්‍රහාරයක් එල්ල වුවහොත් ගල්ෆ් කලාපයේ රටවල් ඉලක්ක කර දැවැන්ත ප්‍රහාරයක් දියත් කරන බව ඉරානය පවසා තිබේ.
දෙපාර්ශ්වය අතර රාජ්‍ය තාන්ත්‍රික එකඟතාවකට පැමිණීමට නොහැකි වුවහොත් ඉරානයේ බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කරමින් ප්‍රහාර දියත් කරන බවට අමෙරිකානු ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශයට ප්‍රතිචාරයක් වශයෙන් ඉරානය මේ බව සඳහන් කර ඇත. මේ සම්බන්ධයෙන් ගල්ෆ් කලාපයේ රටවලට ඉහළ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් දැනුවත් කිරීමටද ඉරානය පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව, අමෙරිකාව විසින් තම රටේ යටිතල පහසුකම් ඉලක්ක කර ප්‍රහාර දියත් කළහොත් එය මහා පරිමාණ යුද්ධයක් කරා මුළු කලාපයම රැගෙන යනු ඇති බව ඉරානය දැඩි ලෙස පෙන්වා දී තිබේ.














