හෝමුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ නාවික ගමනාගමනය සඳහා වන නව ගමන් මාර්ගය සම්බන්ධයෙන් ඉරානය සහ ඕමානය අතර අවබෝධතාවකට පැමිණ තිබේ.
කෙසේ වෙතත්, මෙම එකඟතාවයෙන් පමණක් මෙම උපායමාර්ගික ජල මාර්ගයේ සම්පූර්ණ ආරක්ෂාව තහවුරු නොවන බව ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ඉස්මයිල් බගායි ප්‍රකාශ කර ඇත.
එසේම, යෝජිත මෙම ගිවිසුම මඟින් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගල්ෆ් කලාපයට ඇතුළු වන නෞකා පාලනය කිරීමේ බලය ඉරානය වෙත හිමිවීමට නියමිත අතර, මෙය ඉරානය ලැබූ විශාල ජයග්‍රහණයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.














