ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා මෙන්ම මෙරට ක්‍රීඩාවේ ප්‍රබලම ප්‍රවර්ධකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී විසින්, මෙවර පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට ගෞරව ගෙනදුන් ක්‍රීඩකයින් විශේෂ ඇගයීමකට ලක් කර තිබේ.
අගෝස්තු 5 වැනි දින පැවැති පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා වීරයන්ට ජනතා ප්‍රණාමය පිදෙන වීථි සංචාරය අතරතුර, පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලංකාවට මලල ක්‍රීඩාවෙන් පළමු රන් පදක්කම දිනාදුන් **රුමේෂ් තරංග** සහ එහිදී පැරා ක්‍රීඩාවෙන් රිදී පදක්කමක් දිනාදුන් **පාලිත බණ්ඩාර** යන ක්‍රීඩකයෝ ඩයලොග් ආසිආටා සමාගමේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී, ඩයලොග් ආසිආටා පීඑල්සී හී සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා අතින් විශේෂ ත්‍යාග හිමිකර ගත්හ.
වර්ෂ 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල දක්වා ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ නිල සන්නිවේදන සහකරු ලෙස කටයුතු කරමින් රුමේෂ් තරංග වැනි දක්ෂයින් මෙන්ම, මෙරට පැරා ක්‍රීඩාවේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස පාලිත බණ්ඩාර ඇතුළු එම ක්ෂේත්‍රයේ දක්ෂයන් බලගැන්වීමට ඩයලොග් ආසිආටා ආයතනය නිරන්තරයෙන් ඇපකැප වී කටයුතු කරයි.














