දකුණුදිග තායිලන්තයේ නරාතිවත් පළාතේ පාපන්දු ක්‍රීඩාංගනයකට පතිත වූ අකුණු පහරකට ලක්වීමෙන් එරට පාපන්දු ක්‍රීඩකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ 24 හැවිරිදි සෆ්වාන් අවායි නමැති ක්‍රීඩකයෙකි. මෙම අනතුරින් ඔහු සමඟ පිටියේ ක්‍රීඩාවේ නිරතව සිටි තවත් ක්‍රීඩකයින් 12 දෙනෙකු තුවාල ලබා ඇති අතර, තුවාල ලැබූවන් අතර මැලේසියානු ක්‍රීඩකයෙකුද වන බව විදෙස් වාර්තා සඳහන් කරයි.














