පවතින එල් නිනෝ (El Niño) කාලගුණ තත්ත්වය හේතුවෙන් මොණරාගල දිස්ත්‍රික්කයේ මතුව ඇති උග්‍ර ජල ගැටලුවට විසඳුම් ලෙස, ජනතාවට පානීය ජලය සහ සෙසු අවශ්‍යතා සඳහා අවශ්‍ය ජලය අඛණ්ඩව ලබාදීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය සහ මොණරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ආර්. එම්. ජයවර්ධන මහතා ප්‍රකාශ කර තිබේ.














