සත්ව (සංශෝධන) පනත් කෙටුම්පත සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (06) වැඩි ජන්දයෙන් සම්මත විය. මෙම පනත් කෙටුම්පත් දෙක සම්බන්ධයෙන් දෙවැනි වර කියවීමේ විවාදය අද පෙරවරු 11.45 සිට පස්වරු 5.40 දක්වා පැවැත්විණි.
නව සත්ව සංශෝධන පනත යටතේ මීට පෙර ගවයන් සහ මී ගවයන් ප්‍රවාහනයට පමණක් සීමා වූ බලපත්‍ර ක්‍රමය ඌරන්, බැටළුවන් සහ එළුවන් ප්‍රවාහනය සඳහාද පුළුල් කර ඇති අතර, සතුන්ගෙන් මිනිසුන්ට බෝවිය හැකි රෝග ව්‍යාප්තිය පාලනය කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබේ. එසේම, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පත මඟින් මණ්ඩලයේ ආයතනික කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ ජල සම්පාදන සේවා කළමනාකරණය වඩාත් විධිමත් කිරීම අපේක්ෂා කෙරේ.
















