පසුගිය වසරේ (2025) ඇති වූ **දිට්වා සුළි කුණාටුවේ** බලපෑමෙන් ගල්නෑව කොට්ඨාසයේ පූර්ණ නිවාස හානි සිදු වූ පවුල් 16ක් වෙනුවෙන් නව නිවාස ඉදිකර දීමේ වැඩසටහන යටතේ තවත් නිවසක් විවෘත කර තිබේ.
ඒ අනුව, වැඩ අවසන් කරන ලද තුන්වන නිවස උස්ගල මාලිගා තැන්නේ පදිංචි **සුමනදාස මහතා** වෙත භාරදීම සහ ඔහු එහි පදිංචි කරවීම ගල්නෑව ප්‍රාදේශීය ලේකම් ජී.එම්.කේ.ආර්. ප්‍රියදර්ශන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
රුපියල් මිලියන 5ක මූල්‍ය ප්‍රතිපාදන යටතේ මෙම අංගසම්පූර්ණ නව නිවස ඉදිකර ඇත. මෙම අවස්ථාව සඳහා ගල්නෑව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී විමලරත්න, ගණකාධිකාරී තක්ෂිලා, පරිපාලන ග්‍රාම නිලධාරී නිමල් බණ්ඩාර, ආපදා සංවර්ධන නිලධාරී මධුවන්ති, තාක්ෂණ නිලධාරී හර්ෂිකා යන මහත්ම මහත්මීන් ඇතුළු වසම්භාර රාජ්‍ය නිලධාරීන් මෙන්ම සුමනදාස මහතාගේ පවුලේ සාමාජිකයින් සහ ප්‍රදේශවාසීන් පිරිසක් ද එක්ව සිටියහ.














