ශ්‍රී ලංකාවේ ප්‍රථම ජන සන්නිවේදන මහාචාර්යවරයා සහ ආසියානු සන්නිවේදන න්‍යාය පිළිබඳ පුරෝගාමී විශාරදයෙකු වන මහාචාර්ය විමල් දිසානායක මහතා හවායි හිදී අභාවප්‍රාප්ත වී ඇත. මියයන විට ඒ වන විට ඔහු 86 වන වියේ පසුවිය.
1939 සැප්තැම්බර් 06 වන දින කුරුණැගලදී උපත ලැබූ දිසානායක මහතා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදි සිසුවෙකි. පේරාදෙ,න විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම උපාධිය ලබාගත් ඔහු, පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයෙන් සහ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් පසුගාමී අධ්‍යයන කටයුතු සිදු කළේය. කැළණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ ආරම්භක අංශාධිපතිවරයා ලෙස කටයුතු කරමින්, ශ්‍රී ලංකාවේ ශාස්ත්‍රීය විෂයයක් ලෙස ජන සන්නිවේදනය හඳුන්වා දීමේ පුරෝගාමී මෙහෙවරක් ඔහු ඉටු කළේය. නිර්මාණාත්මක ලේඛකයෙකු, සාහිත්‍ය විචාරකයෙකු සහ ආසියානු සිනමාව පිළිබඳ ප්‍රමුඛ පෙළේ විශාරදයෙකු ලෙස ජාත්‍යන්තර කීර්තියට පත් ඔහු, හවායි මනෝ විශ්වවිද්‍යාලයේ සංස්කෘතික හා සන්නිවේදන ආයතනයේ ප්‍රධානියා ලෙසද සේවය කර ඇත.














