මීගමුව, දළුපොත පිහිටි පල්ලන්සේන එළිමහන් බන්ධනාගාරයේ හටගෙන ඇති නොසන්සුන්කාරී තත්ත්වය තවදුරටත් උග්‍ර අතට හැරෙමින් පවතින බව වාර්තා වේ.
රැඳවියන් පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති අතර, විරෝධතාවයේ යෙදෙන රැඳවියන් විසින් මේ වන විටත් බන්ධනාගාර නිලධාරීන් සහ ආරක්ෂක අංශ වෙත ගල්මුල් ප්‍රහාර එල්ල කරමින් පවතින බව සඳහන් වේ.














