ඇමරිකානු නාවික අවහිරය නිසා සිය වරායන් හරහා තෙල් අපනයනය කිරීමට නොහැකි වූ ඉරානය, ඒ සඳහා වෙනත් විකල්ප මාර්ග වෙත යොමු වී තිබේ.
ජූලි 14 වැනි දින සිට මේ දක්වා ඇමරිකානු හමුදා විසින් නෞකා 48ක් හරවා යවා ඇති අතර, අකීකරු වූ නෞකා 2ක් අඩපණ කර තවත් 2ක් පරීක්ෂාවට ලක් කර ඇත. ජූලි 12 වැනි දින සිට ඕමාන බොක්ක හරහා කිසිදු බොරතෙල් නෞකාවකට එම අවහිරය පැන යාමට නොහැකි වී තිබේ. කෙසේ වෙතත්, මෙම තදබදය මඟහරිමින් මැලේසියාවේ ජොහෝර් (Johor) ආසන්නයේදී නෞකා අතර තෙල් මාරු කිරීමේ (ship-to-ship transfers) ක්‍රමයක් හරහා ඉරානය මේ වන විට ටැංකි 66ක් මඟින් බොරතෙල් බැරල් මිලියන 80කට ආසන්න ප්‍රමාණයක් (ඇමරිකානු ඩොලර් බිලියන 6කට අධික වටිනාකමකින් යුත්) ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) වෙත ලබා දී ඇත. මීට අමතරව, සිංගප්පූරුව ආසන්නයේ ‘භූත නෞකා’ (ghost fleet) 50කට වැඩි ප්‍රමාණයක් කිසිදු බාධාවකින් තොරව ක්‍රියාත්මක වන අතර, තවත් ඉරාන භාණ්ඩ නෞකා 50ක් පමණ ඉන්දු-පැසිෆික්, රතු මුහුද සහ බෝල්ටික් මුහුද හරහා ගමන් කරයි.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්














