මෙවර 2026 චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනය (CIFTIS) එළඹෙන සැප්තැම්බර් 9 වැනිදා සිට 13 වැනිදා දක්වා බීජිං නුවර ෂෞගං උද්‍යානයේදී (Shougang Park) පැවැත්වීමට නියමිත බව ඊයේ (06) පැවති මාධ්‍ය හමුවකදී නිල වශයෙන් අනාවරණය කෙරිණි.
රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන 60කට අධික සංඛ්‍යාවක් මෙවර ප්‍රදර්ශනය සඳහා සහභාගී වීමට නියමිත අතර, ලොව වැඩිම ආදායමක් ලබන ප්‍රමුඛතම ‘ෆොචූන් 500’ (Fortune 500) ලැයිස්තුවට අයත් සමාගම් ඇතුළුව ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතන 300කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විටත් තම සහභාගීත්වය නිල වශයෙන් තහවුරු කර ඇත.
‘ගෝලීය සේවා, හවුල් සමෘද්ධිය’ (Global Services, Shared Prosperity) යන තේමාව යටතේ පැවැත්වෙන මෙවර ප්‍රදර්ශනයේ විශේෂම අංගයක් වන්නේ බලශක්තිය ප්‍රධාන තේමාව ලෙස ඉස්මතු කරමින් ගෝලීය බලශක්ති පරිවර්තන ප්‍රවණතාව වෙත දැඩි අවධානයක් යොමු කිරීමයි.













