ප්‍රබල ජාත්‍යන්තර සම්බාධක පවතිද්දීත්, 2022 සහ 2025 අතර කාලය තුළ විදේශ රටවලින් ඩොලර් බිලියන 22ක දැවැන්ත ආදායමක් උපයා ගැනීමට උතුරු කොරියාව සමත් වී තිබේ.
යුක්‍රේන යුද්ධයෙන් පසු රුසියාවට ආයුධ අලෙවි කිරීමෙන් සහ හමුදාමය සහය ලබා දීමෙන් මෙම මුදලින් වැඩි කොටසක් ලැබී ඇත. මෙම මුදල් හරහා කිම් ජොන් උන් න්‍යෂ්ඨික අවහිරතා, සාම්ප්‍රදායික හමුදා සහ දේශීය ව්‍යාපෘති සඳහා තවත් වැඩි සම්පත් ප්‍රමාණයක් යෙදවීමට කටයුතු කර තිබේ. මීට අමතරව, බටහිර ආර්ථික සම්බාධකවල බලපෑම අවම කර ගැනීම සඳහා රුසියාව, ඉරානය, චීනය සහ උතුරු කොරියාව මේ වන විට දැඩි මූල්‍ය සම්බන්ධීකරණයකින් කටයුතු කරමින් සිටී.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්














