පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප කිසිදු ආකාරයකින් වැඩි කර නොමැති බවත්, ඉන්ධන දීමනාව වර්තමාන මිලට ගැලපීම හේතුවෙන් පමණක් වැටුපේ යම් වැඩිවීමක් සිදුවී ඇති බවත් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පවසයි.
අද (07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. රටේ ආර්ථික තත්ත්වය යහපත් අතට පත්වීමත් සමඟ ඉන්ධන දීමනාව හිමි සියලුම රජයේ නිලධාරීන්ට ලැබෙන මුදල වර්තමාන මිලට ගැළපෙන සේ වෙනස් කළ බවත්, එම තීරණය මත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද එම දීමනාව යම් ප්‍රමාණයකින් වැඩිවී ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.














