ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 284කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත්වූහ.
එහිදී විශිෂ්ට පිතිහරඹයක නිරත වූ සොනාල් දිනුෂ පන්දු 168කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 100ක් රැස් කළ අතර, නිරෝෂන් දික්වැල්ල ලකුණු 80ක් ලබා ගැනීමට සමත්විය. පන්දු යැවීමේදී මනව් සුදාර් කඩුලු 4ක් සහ රවින්ද්‍ර ජඩේජා කඩුලු 3ක් දවා ගත්හ.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 462ක් රැස් කර තිබූ අතර, ඒ අනුව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 178ක් ඉදිරියෙන් සිටීමට ඉන්දියාව සමත්ව ඇත.














