මාරවිල මූලික රෝහලේ වසර ගණනාවක් තිස්සේ ප්‍රයෝජනයට නොගත් ඇඳන් හා රෝද පුටු ඇතුළු රෝහල් උපකරණ රැසක් අලුත්වැඩියා කිරීමට භාරදීම ඊයේ (17) සිදු කෙරිණි.
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ 31 වැනි සංවත්සරයට සමගාමීව, ජනාධිපති ලේකම් කාර්යාලයේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන සමඟ එක්ව Gen Z පරම්පරාවේ දායකත්වයෙන් දිවයින පුරා තෝරාගත් රෝහල් 31ක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන තාක්ෂණික නඩත්තු හා අලුත්වැඩියා ශ්‍රමදාන ව්‍යාපෘතිය යටතේ මෙම කටයුතු සිදු කරනු ලබයි.
මෙම වැඩසටහන යටතේ මාරවිල මූලික රෝහලේ අබලන් වූ ඇඳන් සහ රෝද පුටු ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ මාරවිල පිහිටි පුත්තලම දිස්ත්‍රික් කාර්යාලයේ NVQ වෘත්තීය මට්ටම හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහ තරුණ වෘත්තිකයින්ගේ පූර්ණ දායකත්වයෙන් අලුත්වැඩියා කෙරේ. මාරවිල මූලික රෝහලේ සැලසුම් අංශයේ වෛද්‍යවරුන් වන ඩබ්ලිව්.ඒ.ආර්. ශිමානි ප්‍රනාන්දු සහ ඩබ්ලිව්.එම්. ගීමධු වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් විසින් ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලයේ සහකාර අධ්යක්ෂ ඒ.එම්.පී. අධිකාරි මහතා ඇතුළු කාර්ය මණ්ඩලය වෙත මෙම භාණ්ඩ භාර දෙන ලදී.














