දිට්වා සුළි කුණාටු ආපදාවෙන් පූර්ණ හානියට පත් වූ බදුල්ල, පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් සඳහා සුදුසු ඉඩම් හඳුනා ගැනීමේ මූලික ක්ෂේත්‍ර පරීක්ෂාවක් බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (16) සාර්ථකව සිදු කෙරිණි.
ස්වභාවික ආපදා හේතුවෙන් නිවාස අහිමි වී අවදානම් සහගත ප්‍රදේශවල ජීවත් වන ජනතාව ආරක්ෂිත සහ ස්ථිර වාසස්ථානවල යළි පදිංචි කරවීම අරමුණු කරගනිමින් මෙම මූලික කටයුතු ක්‍රියාත්මක කරනු ලබයි.














