දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පූර්ණ හානියට පත් වූ නිවාස වෙනුවට අලුතින් ඉදිකරන ලද නව නිවෙස් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 24ක් වෙත ලබාදීම පසුගිය 14 සහ 15 යන දිනවල දී සාර්ථකව සිදු කෙරිණි.
පදවිය, කැබිතිගොල්ලෑව, තලාව සහ මධ්‍යම නුවරගම් පළාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි මෙම නව නිවෙස් ප්‍රතිලාභී පවුල් වෙත පවරා දීම සිදු කර ඇත. ස්වභාවික ආපදා තත්ත්වයක් හේතුවෙන් තම නිවාස අහිමි වී දැඩි දුෂ්කරතාවලට මුහුණ දී සිටි මෙම පවුල්වලට ස්ථිර සහ ආරක්ෂිත වාසස්ථාන ලබා දීම මඟින් ඔවුන්ගේ යළි පදිංචි කිරීමේ කටයුතු සාර්ථක කර ගැනීමට විශාල සහනයක් ලැබී තිබේ.














