• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රුපියල් මිලියන 14.7කින් ඉදිකළ පොකුණුවිට නව තැපැල් කාර්යාලය ජනතා අයිතියට

22 August 2026
in දේශීය, පුවත්
රුපියල් මිලියන 14.7කින්  ඉදිකළ පොකුණුවිට නව තැපැල් කාර්යාලය ජනතා අයිතියට
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
කළුතර දිස්ත්‍රික්කයේ හොකුණුවිට සහ ඒ ආශ්‍රිත ප්‍රදේශයේ ජනතාව වෙත වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක තැපැල් සේවාවක් සැපයීම අරමුණු කරගනිමින්, රුපියල් මිලියන 14.7ක වියදමින් ඉදිකරන ලද හොකුණුවිට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (අගෝස්තු 22) පෙරවරුවේ ජනතා සේවයට විවෘත කරන ලදී.
හොකුණුවිට ප්‍රදේශයේ ජනතාවට වඩාත් විධිමත්, කාර්යක්ෂම හා හිතකාමී තැපැල් සේවාවක් ලබාදීම සඳහා අවශ්‍ය පහසුකම් රැසකින් සමන්විත මෙම නව ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු 2025 නොවැම්බර් 30 දින ආරම්භ කරනු ලැබීය. තැපැල් සේවය මෙරට ජනතාවගේ දෛනික ජීවිතය සමඟ සෘජුව බැඳුණු අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාවක් වන බැවින්, එම සේවාව වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක ලෙස ජනතාව වෙත සමීප කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම කෙරෙහි රජය විශේෂ අවධානය යොමු කර තිබේ.
රට පුරා තැපැල් කාර්යාල සහ උප තැපැල් කාර්යාල සඳහා නව ගොඩනැගිලි ඉදිකිරීම මෙන්ම පවතින පහසුකම් වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතී. 2025 වර්ෂයේ නව ගොඩනැගිලි ඉදිකිරීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුව මගින් රුපියල් මිලියන 600ක මුදලක් වෙන් කර තිබූ අතර, එම ප්‍රතිපාදන යටතේ නව ගොඩනැගිලි 17ක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර ඇත. එම වැඩසටහන යටතේ ඉදිකිරීම් අවසන් කර ජනතා සේවයට එක් කරන ලද 11වන තැපැල් කාර්යාලය ලෙස හොකුණුවිට තැපැල් කාර්යාලය පත්වේ.
තැපැල් කාර්යාලය ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හොකුණුවිට ජනතාව දීර්ඝ කාලයක් පුරා ඉදිරිපත් කළ ඉල්ලීමක් මෙන්ම ප්‍රදේශයේ පැවති අත්‍යවශ්‍ය අවශ්‍යතාවක් සම්පූර්ණ කිරීමට හැකි වූ අවස්ථාවක් ලෙස මෙම කාර්ය සැලකන බව සඳහන් කළේය. හොරණ නගරයේ පවතින තදබදය අවම කිරීමේ අරමුණින් හොකුණුවිට ප්‍රදේශය හොරණ නගරයට අනුබද්ධ උප නගරයක් ලෙස ක්‍රමානුකූලව සංවර්ධනය කිරීමට රජය අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා පැවසීය.
විශේෂයෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්, කර්මාන්තකරුවන් සහ නිෂ්පාදන ක්ෂේත්‍රයේ නියැලෙන පිරිස් සඳහා පහසුකම් සලසන ආර්ථික යටිතල පහසුකමක් ලෙස තැපැල් සේවය ස්ථානගත කරමින් පවතින බවද අමාත්‍යවරයා අවධාරණය කළේය. තැපැල් සේවය නවීකරණය කරමින් එය ජනතාවට සමීප, කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් මෙන්ම මෙරට ආර්ථික ක්‍රියාවලියට සක්‍රීයව දායක වන ආයතනික ශක්තියක් බවට පත් කිරීම රජයේ අරමුණ බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හොරණ නගරාධිපති අනිල් ඉන්දික ලේමසිරි, ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්, තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව සිටියහ.
Post Views: 6
Previous Post

මොරවක්කෝරළේ තේ සමූපකාරයට අලුත් මහ ගෙදරක්

Next Post

නාමල් රාජපක්ෂ නන්දා මාලිනියට අවසන් ගෞරව දක්වයි!

Editor TTV News

Editor TTV News

Next Post
නාමල් රාජපක්ෂ නන්දා මාලිනියට අවසන් ගෞරව දක්වයි!

නාමල් රාජපක්ෂ නන්දා මාලිනියට අවසන් ගෞරව දක්වයි!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved