මොරොක්කෝවේ සිට දස දහස් සංඛ්‍යාත සරණාගතයින් පිරිසක් ස්පාඤ්ඤයට අයත් උතුරු අප්‍රිකානු භූමි ප්‍රදේශයක් වන සෙයුටා (Ceuta) වෙත කඩා වැදීමෙන් පසු ඇතිවූ උග්‍ර සරණාගත අර්බුදය පාලනය කිරීම සහ සරණාගතයින් නීතිමය පරීක්ෂාවන්ට ලක් කිරීම සඳහා ස්පාඤ්ඤය යුරෝපීය සංගමයේ (EU) සහ ‘Frontex’ හිමිකම් ආරක්ෂක ඒජන්සියේ සහාය ඉල්ලා සිටී.
පසුගිය ජූලි 30 වැනිදා මොරොක්කෝ සීමාවේ සිට 72,000කට ආසන්න පිරිසක් එක්වරම සෙයුටා දෙසට පැමිණීමට උත්සාහ කිරීමේදී සිදුවූ තෙරපීම් හා අනතුරුවලින් සරණාගතයින් 96 දෙනෙකු මියගිය අතර, මේ වන විටත් 5,000ත් 8,000ත් අතර පිරිසක් සෙයුටා හි නීති විරෝධී ලෙස රැඳී සිටිති. මෙම සරණාගතයින් ඉවත් කරන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීන් විරෝධතාවල නිරත වීම සහ සරණාගතයින් ආරක්ෂක අංශ සමඟ ගැටීම් ඇති කරගැනීම හමුවේ කලාපයේ ආරක්ෂාව දැඩි ලෙස බිඳවැටී ඇත. මේ හේතුවෙන් සරණාගත පරීක්ෂණ කාර්යයන් සඳහා අමතර Frontex නිලධාරීන් යෙදවීමට ස්පාඤ්ඤ ස්වදේශ කටයුතු අමාත්‍ය ෆර්නැන්ඩෝ ග්‍රාන්ඩේ-මාර්ලාස්කා (Fernando Grande-Marlaska) පියවර ගෙන තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














