ඉබෝලා වසංගතය කොංගෝ ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ නැගෙනහිර ප්‍රදේශයේ නව සෞඛ්‍ය කලාප දෙකකට ළඟා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට රජයේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, මේ වන විට වසංගතයේ බලපෑමට ලක්ව ඇති සමස්ත ප්‍රදේශ සංඛ්‍යාව 60ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර, වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා කඩිනමින් ප්‍රතිචාර දැක්වීම ප්‍රමාද වීම හේතුවෙන් එරට මරණ අනුපාතය 48%ක් දක්වා ඉහළ ගොස් ඇති බවද වාර්තා වේ. ඉබෝලා වසංගතය හේතුවෙන් මේ වන විට එම කලාපවලින් වාර්තා වී ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 5,794ක් වන අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාව 2,786ක් ලෙස සටහන් වේ.














