අද (අගෝස්තු 29) රාත්‍රී 10:30 පමණ වන විට උඩුගම්පල – නයිවල මාර්ගයේ සිදුවූ තුන්වන රිය අනතුර මෙය බව ප්‍රදේශවාසීන් පවසති.
පාරේ බට (පයිප්ප) දැමීම සඳහා දිනපතාම පාර කඩා දමා තිබුණද, රාත්‍රී කාලයේදී මාර්ගයේ ගමන් කිරීමට කිසිදු ආලෝකයක් (පාර අයිනේ ලයිට් හෝ අනතුරු ඇඟවීමේ සංඥා) සූදානම් කර නොමැත. මේ හේතුවෙන් කපා දමා ඇති වළවල් සහ මාර්ගයේ තත්ත්වය රාත්‍රී කාලයට රියැදුරන්ට නොපෙනී යාම නිසා නිතර නිතර අනතුරු සිදුවන බව ජනතාව චෝදනා කරති.
මෙම අවදානම් තත්ත්වය හේතුවෙන් තවදුරටත් ජීවිත අවදානමකට මුහුණ දීමට පෙර අදාළ වගකිවයුතු අංශ විසින් වහාම ක්‍රියාත්මක වී රාත්‍රී කාලයට ප්‍රමාණවත් ආලෝක පහසුකම් හෝ අනතුරු ඇඟවීමේ සංඥා පද්ධතියක් සකස් කර දෙන ලෙස ප්‍රදේශවාසීන් ඉල්ලා සිටිති.
















