නේපාලයේ හදිසි ජල ගැලීම් සහ ආපදා තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 675 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව නේපාල ජාතික ආපදා අවම කිරීමේ සහ කළමනාකරණ අධිකාරිය නිවේදනය කර තිබේ.
මීට අමතරව, මෙම දරුණු ආපදා තත්ත්වය හේතුවෙන් තවත් පුද්ගලයින් 2,400කට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති බව වාර්තා වේ. ගෝලීය උණුසුම ඉහළ යාම හේතුවෙන් හිමාලයේ ග්ලැසියර, අයිස් බිම් සහ හිම තට්ටු දියවීම වේගවත් වීම මෙම ආපදාවට ප්‍රධාන හේතුව වී ඇති බව විද්‍යාඥයින් පෙන්වා දෙති.
ග්ලැසියර දියවීම සහ බිඳවැටීම මෙන්ම ග්ලැසියර විල් වේගයෙන් පිරී යාම නිසා මෙම හදිසි ගංවතුර තත්ත්වයන් හටගෙන ඇති අතර, උණුසුම වැඩිවීම හේතුවෙන් කඳුකරයේ ඇතැම් උස් ප්‍රදේශවලට හිම වෙනුවට අධික වැසි ඇද හැලීමද මෙම තත්ත්වය තවත් තීව්‍ර කිරීමට හේතු වී ඇත.
















