නේපාලයේ භෝතී කෝෂි (Bhote Koshi) නදිය ආසන්නයේ ජල මට්ටම සහ ගංවතුර තත්ත්වය ඉහළ යමින් පවතින බව එරට ජාතික ආපදා අවදානම් අවම කිරීමේ සහ කළමනාකරණ අධිකාරිය (NDRRMA) නිවේදනය කරයි.
මීට පෙර බදාදා දින උතුරු නේපාලයේ ජනප්‍රිය සංචාරක සහ වන්දනා නගර හරහා කඩිනමින් ගලා ගිය බලවත් ගංවතුර ජලය සහ සුන්බුන් ගමන් කළ ප්‍රධාන ගංගා දෙකෙන් එකක් වන භෝතී කෝෂි නදිය ආසන්නයේ පවතින මෙම තත්ත්වය හමුවේ අදාළ ප්‍රදේශවල ජනතාව දැඩි ලෙස සැලකිලිමත් වන ලෙස ආපදා කළමනාකරණ අංශය දැඩි ලෙස ඉල්ලා සිටී.
















