කිරිපිටි සහ යෝගට් ඇතුළු ප්‍රධාන කිරි නිෂ්පාදන කිහිපයක මිල ඉහළ ගොස් ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පාරිභෝගික කටයුතු අධිකාරිය (CAA) නිවේදනය කරයි.
‘BREAKING NEWS’ ලෙස ලේබල් කරමින් කිරිපිටි, කෝපි කිරි (condensed milk) සහ යෝගට් ඇතුළු නිෂ්පාදනවල මිල ඉහළ ගොස් ඇති බවට දැක්වෙන අසත්‍ය සටහනක් මේ වන විට සමාජ මාධ්‍යවල හුවමාරු වෙමින් පවතින බව අධිකාරිය පෙන්වා දෙයි. මෙպමණ අසත්‍ය හෝ තහවුරු නොකළ තොරතුරු ජනතාව අතර බෙදාගැනීමෙන් වැළකී සිටින ලෙසත්, එමඟින් පාරිභෝගිකයන් අතර අනවශ්‍ය අනියම් බියක් සහ වෙළඳපළ තුළ ව්‍යාකූලත්වයක් ඇති විය හැකි බවත් පාරිභෝගික කටයුතු අධිකාරිය දැඩි ලෙස අවධාරණය කරයි.
යම් හෙයකින් වෙළඳපළේ නීතිවිරෝධී මිල වැඩිවීම් හෝ අක්‍රමිකතා සිදුවන්නේ නම්, ඒ පිළිබඳව 1977 යන පාරිභෝගික උණුසුම් පෙළ අංකය (hotline) හරහා පැමිණිලි කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.














