ඇමෙරිකානු බලකායන් විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසුව නිව්යෝර්ක් හි බෲක්ලින් හමුදා බන්ධනාගාරයේ රඳවා සිටින වෙනෙසුවේලාවේ හිටපු ජනාධිපති නිකොලස් මදුරෝ ), තමන් තවමත් “නොසැලී සිටින බව” පවසමින් සමාජ මාධ්‍ය වෙත සටහනක් සහ ඡායාරූප කිහිපයක් මුදාහැර ඇති බව CBS News වාර්තා කරයි.
ජාවාරම් සහ මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදී චෝදනා ලබා සිටින මදුරෝ, අදාළ බන්ධනාගාරයේ පිහිටි අධි-ආරක්ෂිත විශේෂ ඒකකයේ පසුවෙමින් සිය සෙසු සිරකරුවන්ගෙන් වෙන්කර තබා ඇත. අත්අඩංගුවට පත්වීමෙන් පසුව සිය පළමු සටහන තබමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනාවලට මුහුණ දෙමින් අඛණ්ඩව සටන් කරන බවයි.
















