ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල නැවතත් ඩොලර් 100 සීමාව ඉක්මවා යාමත් සමග, ජර්මානු ජනතාවට සහ සහනාධාර පද්ධතියට එම අධික පිරිවැය තවදුරටත් දැරිය නොහැකි බවත්, ඉරාන යුද්ධය අවසන් කර හෝමුස් සමුද්‍රසන්ධිය යළි විවෘත කිරීමට ජර්මනිය යුරෝපීය හවුල්කරුවන් සමග එක්ව මැදිහත්විය යුතු බවත් ජර්මානු දේශපාලන අධිකාරිය ප්‍රකාශ කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.
කෙසේවෙතත්, මෙම ප්‍රකාශයත් සමග ජාත්‍යන්තර විචාරකයින් සහ සමාජ මාධ්‍ය පරිශීලකයින් පෙන්වා දෙන්නේ මීට පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා සංගමය හෝ නේටෝ සංවිධානයේ සෘජු නියෝගයක් නොමැති බව පවසමින් ගැටුමට මැදිහත්වීම මගහැර සිටි ජර්මනිය, ආර්ථික බලපෑම සෘජුවම සිය රටට එල්ල වන විට පමණක් යුද්ධය නැවැත්වීමට ඉදිරිපත් වීම උත්ප්රාසාත්මක තත්ත්වයක් බවයි.
















