• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වැලි කැපීමෙන් දැදුරුඔයේ ගමන් මඟ වෙනස් වෙයි

පුරාණ චේතිය රාජ මහා විහාරය දැදුරුඔයට බිලිවීමේ දැඩි අවදානමක!

31 August 2026
in දේශීය, පුවත්
වැලි කැපීමෙන් දැදුරුඔයේ ගමන් මඟ වෙනස් වෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය කාලයේ දැදුරුඔයේ ඉවක් බවක් නොමැතිව සිදුවූ වැලි කැපීම හේතුවෙන් ඔයේ ස්වාභාවික ගමන් මාර්ගය වෙනස් වී ඇති අතර, ඒ නිසා හලාවත – ආරියගම පුරාණ චේතිය රාජ මහා විහාරස්ථානය දැදුරුඔයට බිලිවීමේ දැඩි අවදානමකට මුහුණ දී තිබේ. දැදුරුඔයේ සීමාව ඉක්මවා වැලි කැපීම නිසා උතුරු දෙස ඉවුරේ විශාල වැලි කඳු නිර්මාණය වී, ඔයේ දකුණු ඉවුර බිඳගෙන ජලය ගැලීම නිසා පුරාණ චෛත්‍යයේ කොටසක් දැනටමත් දැදුරුඔයට බිලි වී ඇති බව විහාරාධිපති පූජ්‍ය නල්ලූරුවේ සුමනසාර හිමියෝ පවසති. කළුගල් සහ වැලි කොට්ට යොදා චෛත්‍යය යම් තරමකින් බේරා ගත්තද, කඩිනම් විසඳුමක් ලබා නොදුනහොත් චෛත්‍යය පමණක් නොව මුළු පන්සල් වත්තම දැදුරුඔයට බිලි වනු ඇත. මෙම විහාරස්ථාන භූමිය මීට වසර දෙකකට පමණ පෙර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පවරාගෙන සීමා මායිම් යොදා ඇති බැවින්, කිසිදු කැණීමක් හෝ අලුත් ඉදිකිරීමක් තමන්ට කළ නොහැකි බවත්, මේ පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නද කිසිදු නිලධාරියෙකු සොයා බැලීමට පැමිණ නැති බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.
දුටුගැමුණු රජ සමයේ නන්දමිත්‍ර යෝධයා විසින් හලාවත සහ පල්ලම ප්‍රදේශවල ඉදිකර ඇති ප්‍රධාන විහාරස්ථාන අතර පල්ලම නන්දමිත්‍ර විහාරස්ථානය සහ ආරියගම චේතීය රාජ මහා විහාරස්ථානය හැඳින්වෙන අතර, මෙම භූමියේ ගරා වැටී ඇති චෛත්‍යයක් සහ පුරාණ නටබුන් කිහිපයක්ම දක්නට ලැබුණද, බොහෝ නටබුන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රැගෙන ගොස් ඇත.
මීට වසර කිහිපයකට පෙර මීටර් 500ක් පමණ ඈතින් ගලා ගිය දැදුරුඔය, මේ වන විට දකුණු ඉවුර ඛාදනය කරමින් පන්සල් වත්ත දිය කරමින් පවතින බවත්, දකුණු ඉවුරේ ඇති වැලි කන්ද ඉවත් කර අතීතයේ තිබූ ආකාරයටම දැදුරුඔයට ගලා යන්නට ඉඩ සැලැස්වීම මෙයට එකම විසඳුම බවත් දායක සභාවේ සාමාජික එම්.එම්. ජයවර්ධන මහතා පවසයි. එසේම, දැදුරුඔය පිටාර ගැලීමේදී ගමේ ජනතාව ආරක්ෂාවට නතර වන රජය විසින් ඉදි කළ දෙමහල් ධර්ම ශාලාව ඇතුළු විහාර ගේ, බෝ මළුව සහ පුරාණ චෛත්‍යය ඉදිරි වැසි සමයේදී සම්පූර්ණයෙන්ම විනාශ වී යාමේ අවදානමක් පවතින බව දායක සභාවේ සාමාජික එස්.ඒ. විපුල ධර්මප්‍රිය මහතා පෙන්වා දෙයි.
Post Views: 1
Previous Post

1994 ඉඳන් වගා කළේ… ගස් කැපුවේ නෑ, අතු විතරයි කැපුවේ

Next Post

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් ගොනු කිරීමට අදින් අවස්ථාව අවසන්!

Editor TTV News

Editor TTV News

Next Post
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් ගොනු කිරීමට අදින් අවස්ථාව අවසන්!

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් ගොනු කිරීමට අදින් අවස්ථාව අවසන්!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නේපාල ගංවතුරේ මරණ 903ක් දක්වා ඉහළට…

නේපාල ගංවතුරේ මරණ 903ක් දක්වා ඉහළට…

31 August 2026
හෝමූස් සමුද්‍ර සන්ධියට ඉහළින් පියාසර කළ ඇමරිකානු ඩ්‍රෝන යානයක් ඉරානයෙන් බිම හෙළයි!

හෝමූස් සමුද්‍ර සන්ධියට ඉහළින් පියාසර කළ ඇමරිකානු ඩ්‍රෝන යානයක් ඉරානයෙන් බිම හෙළයි!

31 August 2026
නිදහස් කළ සිරකරුවන් යළිත් බන්ධනාගාරයට!

නිදහස් කළ සිරකරුවන් යළිත් බන්ධනාගාරයට!

31 August 2026
මෛත්‍රීපාල සිරිසේන  ප්‍රීතිමත්ම යුගයේ ජනාධිපතිලෙස  සම්මානයට පාත්‍ර වෙයි!

මෛත්‍රීපාල සිරිසේන ප්‍රීතිමත්ම යුගයේ ජනාධිපතිලෙස සම්මානයට පාත්‍ර වෙයි!

31 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

30 August 2026
හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා  උණුසුම් කාලගුණ තත්ත්වයක්  පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

30 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved