රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පෙත්සම් ගොනු කිරීමේ කාලය අද (31) දිනෙන් අවසන් වන බව වාර්තා වේ. පසුගිය 18 වනදා අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, එයට එරෙහිව ශ්‍රී ලංකා නීතීඥ සංගමය, දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන රැසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කරනු ලැබීය.
අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සති දෙකක කාලයක් ඒ හරහා විරෝධතා පෙත්සම් ගොනු කිරීමට හිමිව තිබූ අතර, එලෙස ලබා දී තිබූ කාලය අදින් අවසන් වේ. මේ වන විට 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 27ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, ඒ සඳහා පක්ෂව පෙත්සම් 3ක් ද ඉදිරිපත් කර තිබේ.
















