ප්‍රධාන තිරිඟු පිටි සමාගම් විසින් තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 17කින් ඉහළ දැමීමට පියවර ගැනීමත් සමඟ, ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 10කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.
මෙම තත්ත්වය මත බේකරි නිෂ්පාදනවල මිල ගණන් ද ඉහළ යනු ඇති අතර, පසුගිය දිනවල පැනනැඟුණු තිරිඟු පිටි මිල ඉහළ යෑමේ බලපෑම හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුවූ බව එම සංගමය පෙන්වා දෙයි.














