ඉශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඇමෙරිකානු පාලන අධිකාරිය සිය අවශ්‍යතා වෙනුවෙන් හසුරුවන “සර්පයෙකු” ලෙස ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි හඳුන්වා දී ඇති බව මැරියෝ නවුෆල් පුවත් වාර්තාව මගින් හෙළි කරයි.
ඉශ්‍රායල චැනල් 14 නාලිකාවේ විකාශය වූ වීඩියෝ පටයකට ප්‍රතිචාර දක්වමින් ඉරාන විදේශ අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත. එම වීඩියෝවේදී නෙතන්යාහු තමන් වසර ගණනාවක් පුරා ඉරානයට එරෙහිව ඇමෙරිකානු මතවාද හැඩගැස්වූ ආකාරයත්, ඇමෙරිකානු නාලිකාවල පැය 1000කට වැඩි කාලයක් පෙනී සිටිමින් තමන්ගේම අවශ්‍යතාව මත වොෂින්ටනය ඉරානය සමඟ යුද්ධයකට තල්ලු කිරීමට සමත් වූ ආකාරයත් හෙබ්‍රෙව් භාෂාවෙන් ආඩම්බරයෙන් ප්‍රකාශ කර තිබේ.
නෙතන්යාහු හෙබ්‍රෙව් භාෂාවෙන් තමන්ගේ උපක්‍රමශීලී ජයග්‍රහණ ගැන කතා කරමින්, ඉංග්‍රීසි භාෂාවට මාරු වී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නායකත්වය පසසමින් ද්විත්ව රංගනයක නිරත වන බවට ඉරාන විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් චෝදනා කරයි.
















