ආපදා ප්‍රතිචාර දැක්වීම, යටිතල පහසුකම් ස්ථායිතාව සහ ආරක්ෂක සහයෝගීතාව යන ක්ෂේත්රවල ප්‍රායෝගික හවුල්කාරිත්වය ශක්තිමත් කර ගැනීම සඳහා නව මංපෙත් සෙවීමට ශ්‍රී ලංකාව සහ අමෙරිකාව, කැනඩාවේදී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබේ.
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත (විශ්‍රාමික) මහතා සහ එක්සත් ජනපද ජාතික ආරක්ෂක බලකා කාර්යාංශයේ ප්‍රධානී ජෙනරල් ස්ටීවන් නෝර්ඩාස් (General Steven Nordhaus) අතර මෙම සාකච්ඡා පැවැත්වී ඇති අතර, එහිදී ශ්‍රී ලංකාවේ ආපදා ප්‍රතිරෝධීතාව සහ හදිසි අවස්ථා ප්‍රතිචාර දැක්වීමේ හැකියාවන් වර්ධනය කර ගත හැකි ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇත. මානුෂීය ආධාර සහ ආපදා සහන සඳහා විශේෂිත උපකරණ ලබාදීම මඟින් ආපදා ප්‍රතිචාර සූදානම ඉහළ නැංවීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇති අතර, ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් පුළුල් කිරීමට නිතිපතා සංවාද පවත්වා ගැනීමට එක්සත් ජනපදයට ආරක්ෂක ලේකම්වරයා ආරාධනා කර තිබේ.
















