දකුණු වනජීවී කලාප කාර්යාලයේ නිලධාරීන් විසින් වන අලි කළමනාකරණ රක්ෂිතයේ මල්අස්න ප්රදේශයේ (02) දින සිදුකළ මුරසංචාරයක් අතරතුරදී, වන සතුන් දඩයම් කිරීමට භාවිත කරන කැලයේ සඟවන ලද මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සිය භාරයට ගැනීමට සහ අටවා තිබූ කම්බි මලපුඩු 67ක් පමණ ගලවා ඉවත් කිරීමට සමත්ව තිබේ.
පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය හමුවේ වන සතුන් ආරක්ෂා කරගැනීම සඳහා වනජීවී නිලධාරීන් විසින් මේ දිනවල අදාළ ප්රදේශවල දැඩි මුර සංචාර කටයුතු අඛණ්ඩව ක්රියාත්මක කරමින් සිටිති.
















