එල්නිනෝ දේශගුණික බලපෑමට මුහුණ දීම සඳහා පත් කළ විශේෂ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව යළිත් වරක් ජනාධිපති කාර්යාලයේදී රැස්වී තිබේ. කමිටුවේ සභාපති, පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳිගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සිව්වන රැස්වීම පවත්වා ඇත.
එහිදී එල්නිනෝ බලපෑම හේතුවෙන් රැකියා අහිමි වීමේ අවදානමක් මතුව ඇති පිරිස් හඳුනා ගනිමින්, ඔවුන් වෙනුවෙන් සහන සැලසීමේ ක්‍රමවේද පිළිබඳව විශේෂ අවධානය යොමු කර තිබේ. මීට අමතරව, පවතින දේශගුණික තත්ත්වය නිසා එළවළු සහ පළතුරු වගාවන්ට ඇති විය හැකි අවදානම අවම කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද සාකච්ඡා කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
















