නින්ද නොයෑම හේතුවෙන් සමාජ මාධ්‍ය වෙත පිවිසි අවස්ථාවේදී තමා දුටු සංවේදී පුවතක් හමුවේ දැඩි ලෙස කම්පා වූ බව පවසමින් ප්‍රසිද්ධ ආකෘති ශිල්පිනී පියුමි හන්සමාලි මහත්මිය විසින් තැබූ හෘදයාංගම සටනක් මේ වන විට අන්තර්ජාලය තුළ දැඩි කතාබහට ලක්ව තිබේ.
ජීවිතය විවිධ අභියෝගවලට මුහුණ දෙන ආකාරය සහ තනි මවක් ලෙස දරුවෙකු උස්මහත් කිරීමේ වේදනාව තමාට හොඳින් වැටහෙන බව ඇය සඳහන් කරයි. චූලා අක්කාගේ සැමියා පිළිබඳව තමා කිසිවක් නොදන්නා බවත්, එම පියා දරුවා බලාගැනීමට ඉදිරිපත් නොවන්නේ නම් ආච්චි සහ පුතා තමාගේම මව සහ දරුවා මෙන් ජීවිත කාලයම බලාගැනීමට සූදානම් බවත් පියුමි හන්සමාලි එම සටනින් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. තමන්ට හැකි පමණින් අනුන්ට පිහිට වීම තම ස්වභාවය බව පවසමින් ඇය තැබූ මෙම සංවේදී සටනට මේ වන විට සමාජයෙන් විශාල ප්‍රතිචාර ලැබෙමින් පවතී.
















