පොළොන්නරුව කොට්ඨාසයේ කණිෂ්ඨ ශ්‍රේණියේ නිලධාරීන්ගේ සුභසාධනය වෙනුවෙන් ඉදිකරන ලද නව “පුලතිසි සිසිල” නිවාඩු නිකේතනය 2026 සැප්තැම්බර් 02 වන දින පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් විවෘත කර තිබේ.
වායු සමීකරණය කරන ලද කාමර 07කින් සමන්විත මෙම නිවාඩු නිකේතනයේ සෑම කාමරයකම එක් වරක් දස දෙනෙකුට නවාතැන් ගැනීමේ පහසුකම් සලසා ඇත. මීට අමතරව, මෙම උත්සවයට සමගාමීව 2027 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත පොලිස් නිලධාරීන්ගේ දරුවන් 10 දෙනෙකු වෙත සංකේතාත්මකව පොත් කට්ටල ප්‍රදානය කිරීමක්ද සිදුකෙරුණු අතර, උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තිලක් සී. ඒ. ධනපාල සහ පොළොන්නරුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග ඇතුළු උසස් පොලිස් නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
















