අමෙරිකාවේ 250 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් ජීවත්ව සිටින අමෙරිකානු ජනාධිපතිවරයෙකුගේ රුව ඇතුළත් නව ඩොලර් 1 ක සමරු කාසියක් අමෙරිකානු මුදල් පද්ධතියට එක් කර තිබේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රුව සහ “IN GOD WE TRUST” යන පාඨය ඇතුළත් මෙම විශේෂ කාසිය ඊයේ (02) නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම රන් පැහැති කාසි අලෙවිය ආරම්භ කර පැය කිහිපයක් ඇතුළත එහි තොග අවසන් වී ඇති අතර, ජීවත්ව සිටින පුද්ගලයෙකුගේ රුව මුදල් නෝට්ටුවල මුද්‍රණය කිරීම ෆෙඩරල් නීතියෙන් තහනම් වුවද කාසි සම්බන්ධයෙන් එවැනි නීතිමය තහනමක් නොමැත. මීට පෙර 1926 වසරේ අමෙරිකාවේ 150 වැනි සංවත්සරය වෙනුවෙන් නිකුත් කළ කාසියක එවකට ජනාධිපති කැල්වින් කූලිජ්ගේ රුව ඇතුළත් කර තිබූ අතර, හරියටම වසර 100කට පමණ පසු ජීවත්ව සිටින ජනාධිපතිවරයෙකුගේ රුව සහිත කාසියක් නිකුත් කළ ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.
















