ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාව අත්අඩංගුවට ගැනීමට හැකි වුවහොත් ගම් මට්ටමින් රතිඤ්ඤා පත්තු කරමින්, බැනර් සහ කටවුට් ගසා එය සැමරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ (JVP) විසින් සිය සාමාජිකයන් වෙත වට්ස්ඇප් පණිවිඩ යවමින් අවශ්‍ය ප්‍රතිපාදන පවා ලබා දී ඇති බවට තොරතුරු වාර්තා වන බව එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික මිලින්ද රාජපක්ෂ මහතා චෝදනා කර තිබේ.
ආණ්ඩුවේ වත්මන් අසාර්ථකත්වය වසා ගැනීමට සහ දේශපාලන කුමන්ත්‍රණ හරහා පටු සතුටක් ලබා ගැනීමට මෙවැනි පහත් මට්ටමේ වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කරන බව පෙන්වා දුන් ඒ මහතා, නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම හරහා දේශපාලන වාසි ලබා ගැනීමට ආණ්ඩුව සහ ජවිපෙ අසාර්ථක උත්සාහයක නිරත වන බවද වැඩිදුරටත් සඳහන් කළේය.
















