මහනුවර, මයිලපිටිය ප්‍රදේශයේ පිහිටා ඇති ළමා නිවාසයක නේවාසිකව සිටින 16 හැවිරිදි පිරිමි ළමයෙකුට වධහිංසා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එහි පාලිකාව සහ ඇයගේ සැමියා තලාතුඔය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් විසින් අදාළ පිරිමි දරුවාගේ රහස් පෙදෙසට මිරිස් කුඩු දමා අමානුෂික ලෙස හිංසා කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
මෙම වධහිංසාවට ලක් වූ බාල වයස්කාර පිරිමි දරුවා මුලින් මාරස්සන රෝහලට සහ පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. සැකකාර අඹුසැමි යුවළ මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර, තලාතුඔය පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
















