නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සංජීව එදිරිමාන්න මහතා පවසන්නේ, 2015 වසරේ සිටම නාමල් රාජපක්ෂ මහතා මෙවැනි දේශපාලන පීඩාවලට සාර්ථකව මුහුණ දුන් බවත්, අද දිනයේදීද ඊට ශක්තිමත්ව මුහුණ දෙන බවත්ය.
මෙවැනි දේශපාලන පළිගැනීම් සහ පීඩාවලට මුහුණදීමේ වසර 11ක පමණ අත්දැකීම් එතුමාට පවතින බව පෙන්වා දුන් ඒ මහතා, ඉදිරියේදී සිදුවන දේ පිළිබඳ තීරණය කිරීම තම පාලනයෙන් බැහැර කරුණක් වුවද, ලබන 12 වනදා පැවැත්වීමට නියමිත ජන රැස්වීම නිශ්චිතවම පවත්වන බව වැඩිදුරටත් අවධාරණය කළේය.
















