එංගලන්ත සංචාරයේදී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිටපු නායක චරිත් අසලංකට හිමිව තිබේ. කුසල් මෙන්ඩිස් තවමත් ආබාධ තත්ත්වයෙන් සම්පූර්ණයෙන් සුවය ලබා නොමැති වීම ඊට හේතුවයි.
පසුගිය LPL තරගාවලිය අතරතුරදී ලද ආබාධ හේතුවෙන් කුසල් මෙන්ඩිස් සහ වමත් වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු යන දෙපළම සංචිතයෙන් ඉවත් කර ඇති අතර, ඔවුන් වෙනුවට පවන් රත්නායක සහ දිල්ෂාන් මධුශංක සංචිතයට කැඳවා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
















