තම බිරිඳගේ බාල සහෝදරිය වන 15 හැවිරිදි පාසල් සිසුවියකට බරපතළ ලෙස ස්ත්‍රී දූෂණයක් සිදුකළ බව කියන යුද හමුදා සෙබළකු කල්ලංචිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මව විදේශගත වීම හේතුවෙන් අදාළ දැරිය තම නැඟණිය සමඟ වැඩිමහල් සහෝදරියගේ නිවසේ පදිංචිව සිටියදී මෙම අපරාධයට මුහුණපා ඇති බව පොලිසිය සඳහන් කරයි. සැකකාර යුද හමුදා සෙබළා නිවාඩු ලබා නිවසට පැමිණ සිටියදී මෙම අපරාධය සිදු කර ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කල්ලංචිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් වැඩිදුර විමර්ශන පවත්වයි.














