කොළඹ වරාය නගරයේදී චීන ජාතික පිරිසක් විසින් චීන ජාතිකයින් තිදෙනෙකු පැහැරගෙන ගොස් එක් පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඉකුත් 2026.07.23 දින සිදුවූ මෙම අපරාධය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය මගින් විමර්ශන සිදුකරන අතර, විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම අපරාධය සඳහා අවශ්‍ය කර සිටි සැකකරුවෙකු ඊයේ (04) දින කොළඹ වරාය නගරයේදී අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 54ක් වන චීන ජාතිකයෙකි.














