වන අලි තර්ජනය වඩාත්ම පවතින 406 කරගහවැව තුලානේ, ගගසිරිපුර ග්රාමයේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් තලාව ප්රාදේශීය සභාවේ මැදිහත්වීමෙන් පසුගිය දිනවල අක්රියව පැවති වීදි ලාම්පු අලුත්වැඩියා කර නැවත ආලෝකමත් කිරීමට කටයුතු කර තිබේ.
විශේෂයෙන්ම රාත්රී කාලයේදී වන අලි ගම්වැදීමේ දැඩි අවදානමක් පවතින මෙම ප්රදේශයේ වීදි ආලෝකය ජනතාවගේ ජීවිත ආරක්ෂාවට ඉතා වැදගත් සාධකයක් වන අතර, ජනතාවගේ ගැටලු හඳුනාගෙන ඒවාට හැකි ඉක්මනින් විසඳුම් ලබාදෙමින් ජනතාවගේ ආරක්ෂාව සහ පහසුව වෙනුවෙන් තලාව ප්රාදේශීය සභාව ඉදිරියටත් කටයුතු කරන බව පවසයි.
















