ශ්‍රී ලංකාවේ නව බංග්ලාදේශ මහ කොමසාරිස් ඩී. එම්. සලාහුදීන් මහමුද් මහතා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී හමුවී ඇති අතර, එහිදී නව මහ කොමසාරිස්වරයා වෙත සුබපැතුම් එක් කර තිබේ.
සෞඛ්‍ය සේවා සංවර්ධනයේදී වෛද්‍ය හා තාක්ෂණික දැනුම සහ දෙරටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයන්හි අත්දැකීම් හුවමාරු කර ගැනීමේ අවස්ථා පිළිබඳව මෙහිදී විශේෂයෙන් සාකච්ඡා කර ඇති අතර, මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාද සහභාගී වී ඇත.
















